ලොවක් කැළඹූ රුසියානු – යුක්‍රේන යුද ගිනි දැල් තාවකාලිකව නවතියි ?

රුසියාව සහ යුක්‍රේන යුද අර්බුදය මත අද (05) දෙපාර්ශ්වය අර්ධ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව දෙරටේ ප්‍රධාන කොරිඩෝ වන මරියුපොල් සහ වොල්නොවාකා නගරවලින් පිටතට යාම සඳහා සිවිල් වැසියන්ට තාවකාලික අවසරයක් ලබාදීමට රුසියාව කටයුතු කර තිබෙනවා.

සිවිල් වැසියන් මෙම ප්‍රදේශවලින් නික්මෙන තෙක් පමණක් මෙම අවසරය බලගැන්වෙනු ඇති.

අඛණ්ඩව දසවැනි දිනටත් රුසියානු හමුදාව විසින් යුක්රේනයට ප්‍රහාර එල්ල කෙරුණා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියානු හමුදාව විසින් යුක්රේනයේ දකුණු දිග ප්‍රදේශවලත් පාලන බලය අත්පත් කර ගනිමින් සිටින බවයි.

පවතින තත්ත්වය හමුවේ යුක්රේනයේ සිටින මිලියනයකට අධික ජනකායක් පෝලන්තය ඇතුලු අසල්වැසි රාජ්‍යයන් වෙත පලායමින් සිටිනවා.

රුසියානු හමුදා ආක්‍රමණ හමුවේ යුක්රේනයේ කිව් අගනගරයට අද අත්වී ඇති ඉරණම ඛේදනීයයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණ දසවැනි දිනටත් එළැඹෙද්දි යුක්රේන ජනපති ව්ලැද්මියර් සෙලෙන්ස්කි යළිත් වරක් බටහිර රටවල් සිය විවේචනයට ලක්කළා.

විශේෂයෙන් යුක්රේන ගුවන් සීමාවේ තහනම් කලාපයක් ක්‍රියාත්මක කිරීම සඳහා නේටෝ සංවිධානයේ රටවල සහය නොදක්වන බවටයි ඔහු චෝදනා කරන්නේ.

මේ හේතුවෙන් රුසියානු බෝම්බ ප්‍රහාරවලින් තවදුරටත් එරට ජනතාව මිය යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නේටෝ සංවිධානයේ සෑම රටක්ම යුරෝපයේ නිදහස වෙනුවෙන් සටන් කිරීමට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවයි යුක්රේන ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර යුක්රේනයේ බලශකති අවශ්‍යතාවයන්ගෙන් 50%ක් සපුරාලන සැපරීෂියා බලාගාරය වෙත එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් ඊයේ එම බලාගාරය වසාදමා තිබෙනවා.

මේ වනවිට බලාගාරය පවතින්නේ රුසියානු හමුදා පාලනයේයි.

මේ හේතුවෙන් යුක්රේනය දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ පා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර සැපරීෂියා බලාගාරයට එල්ල කළ ප්‍රහාර ඊයේ පැවති ඇමෙරිකා එක්සත් ජනපදයේ දැඩි විවේචනයට ලක්වුණා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීම අමතමින් ජගත් සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි ලින්ඩා තෝම්ස් කියා සිටියේ යුක්රේන න්‍යෂ්ටික බලාගාරයට එල්ල වු ප්‍රහාරය ඛේදවාචකයකින් අවසන් නොවුණේ දේවහාස්කමකින් බවයි.

යුක්රේන ආක්‍රමණයට රුසියාව තුළින්ම එල්ල වන විරෝධය උත්සන්නවෙද්දි රුසියාව සමාජ මාධ්‍යය ද ක්‍රියාවට නංවා තිබෙනවා.

ෆේස්බුක්, ට්විටර්, යු ටියුබ් පරිශීලනය රුසියානු බලධාරීන් විසින් අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු රජයේ ප්‍රධානීන් මෙන්ම එරට ධනවතුන්ට එරෙහි සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වන බවද දක්නට ලැබෙනවා.

ඒ අනුව රුසියානු ධනපතියෙකු වන ඇලෙස්කි මොඩෂෝව්ට අයත් ඩොලර් මිලියන 27ක් වටිනා අඩි 230ක් දිගැති සුඛෝපභෝගි යාත්‍රාවක් ඉතාලි පොලීසිය සිය භාරයට ගනු ලැබුවා.

යුද්ධය හමුවේ පීඩාවට පත්වු ගැබිනි කාන්තාවන් භූගත රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇමෙරිකානු යුවලක්, යුක්රේන යුද බිමට පිවිසීමට සිය කැමැත්ත පළ කිරීමේ පුවතක් විදෙස් මාධ්‍යවල අවධානයට ලක්වු අයුරු ද දකින්නට ලැබුණා.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ යුක්රේනයේ සිටින මිලියනයකට අධික ජනකායක් මෝල්ඩෝවා සහ පෝලන්තයට පලායමින් සිටින බවයි සඳහන් වන්නේ.

මේ අතර යුක්රේනයට සහය පළ කරමින් ජෝර්ජියාව, ජර්මනිය, ප්‍රංශය, ලිතුවේනියාව ඇතුලු යුරෝපා රටවල පැවැති ජන රැළි ඇමතීමට ද යුක්රේන ජනාධිපතිවරයා පියවර ගත්තා.

ඉන් පළමු මිනිත්තුවේදී මියගිය සියලු දෙනා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කර ඇති අතර දෙවැනි මිනිත්තුවේදී මියගිය සිවිල් ජනතාව සඳහා උපහාර දක්වා තිබෙනවා.

තෙවැනි මිනිත්තුවේදී යුරෝපා කලාපයේ සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිශ්ශබ්දව නොසිට යුක්රේනය සමග අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

යුක්රේනයේ ජනතාව තම නගරවලට පැමිණෙන රුසියානු හමුදා නිලධාරීන් සහ යුද රථ නවතන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු ද ඩදක්නට ලැබුණා.

මේ අතර යුක්රේන අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින බෙලරුස් රාජ්‍යයේ අධ්‍යාපනය ලබන ලාංකික සිසු සිසුවියන්ට තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පහසුකම් සැලසීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා බෙලරුස් රාජ්‍යෙය් කටයුතු අධීක්ෂණය කරන මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

බෙලරුස් රාජ්‍යයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සංඛ්‍යාව 1,561ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?