AFC Banner
Empty Ad
Empty Ad

ලොරි රථයක ගැටී කෙනරක් මරුට

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිතුල් උතුව ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටීමෙන් වනඅලියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නිජ භූමිය කරගත් කෙනරක් අද (09) අලුයම 04ට පමණ හබරණ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුරට ලක් ව ඇති බවයි.

මාර්ගයේ භාවිතා කරන රියදුරන් සඳහා මාර්ග නාම පුවරු ඉදිකොට අලි මාරුව සිදුවන ස්ථානය බවට දැනුවත් කර තිබුණත් රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම කෙනර ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

වයස අවුරුදු 14 පමණ වන කෙනරක් මෙලෙස මරණයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සත්ත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම ගිරිතලේ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකය මගින් සිදු කරනු ලබනවා.

අනතුර සිදුකර පලා යමින් තිබූ ලොරි රථය කාන්තරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?