ලුණු මිල ගැන පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

ආහාරයට ගන්නා ලුණු සම්බන්ධ ව පාලන මිලක් පැනවීම සම්බන්ධව පළ වන වාර්තා පිළිබඳ ව පාරිභෝගික අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය අතර පැවැත්වුණු සාකච්ඡාවක දී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට පළවන වාර්තා පාරිභෝගික අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය අතර නො පැවැත්වුණු බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී අදහස් ලබාගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව විසින් ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කැඳවා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවේ දී මතු වූ කරුණු ද සැලකිල්ලට ගනිමින් නියම කළ යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මගින් තීරණය කරනු ලැබුවහොත් එම මිල ගණන් අධිකාරිය වෙත දැනුම්දීමට සභාව විසින් කටයුතු කරනු ඇති.

ඒ අනුව එම මිල ගණන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කිරීමට අධිකාරිය කටයුතු කරන අතර මාධ්‍ය වෙත ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කර ඇති මිල ගණන් හා ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග එකඟ වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?