එකම නිවසේ පදිංචිව සිටි 66 වයස පියාව 26 වයසේ බාල පුතු විසින් යකඩ පොල්ලකින් පහර දීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඊයේ (25) රාත්‍රියේ බේරුවල රොක්ලන්ඩ්වත්තේදී මෙම සිදුවීම වාර්තා වූ බව බේරුවල පොලිසිය ප්‍රකාශ කළා.
මෙම ඝාතනයට හේතු වී ඇත්තේ පියා සතු ලිමෝල බාල පුතුට අයිතිය ඉල්ලීමේ සිද්ධියක් මුල්කරගෙන බවයි පොලිසිය පවසන්නේ .
බරපතළ තුවාල ලැබූ පුද්ගලයා බේරුවල රෝහලින් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





