Empty Ad
Empty Ad
AFC Banner

ලීසිං සහ ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වූවන්ට මහ බැංකුව දුන් සහනය

ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වූ වාහන හිමියන්ට සහ ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වූ ජනතාවට මාස 6ක කාලයක් ගත වන තුර සහනයක් ලබා දීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තීරණය කර තිබේ.

සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික ආර්ථික සැලසුම අද එළිදක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මෙම සැලසුම එළිදක්වනු ලැබුවේ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, ඉදිරි මාස 6 තුළදී “පරාටේ ගිවිසුම” හරහා දේපළ පවරා ගැනීම නොකර සිටින ලෙස සියලු බැංකුවලට දැනුම් දී ඇති බවය.

ඊට අමතරව, ලීසිං වාරික නොගෙවූ වාහන නැවත පවරා ගැනීම අත්හිටුවන ලෙස ද බැංකුවලට උපදෙස් දුන් බව ද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?