ලිහිසි තෙල් ආනයන සමාගම් සහ බලශක්ති ඇමති අතර සාකච්ඡාවක්

මෙරට බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී පිහිටුවන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සමස්ථ බලශක්ති ක්ෂේත්‍රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් එමගින් බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී යි මේ බව අනාවරණ කෙරුණා.

නව රෙගුලාසි රජයේ ප්‍රතිපත්ති , තීරණ සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ යෝජනා මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ලිහිසි තෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර 3කට වරක් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.

එමෙන්ම සියලුම ආනයනික ලිහිසි තෙල්වර්ග වෙනුවෙන් ඛණිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම්ගතව ඇති 1200කට ආසන්න පිරවුම්හල්වල ද අලෙවි කිරීමට පහසුකම් සැලසීමට නියමිතයි.

ඒ අනුව පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ඒවා මිලට ගැනීමේ අවස්ථාව උදාවනවා.

වෙළඳපොළ ඒකාධිකාරයක් ඇති නොවන පරිදි, ගුණාත්මක නිෂ්පාදන සියල්ල වෙනුවෙන් යහපත් තරගකාරී වෙළඳ පොළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද මෙහි දී පැහැදිළි කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22