spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිහිසි තෙල් ආනයන සමාගම් සහ බලශක්ති ඇමති අතර සාකච්ඡාවක්

මෙරට බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී පිහිටුවන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සමස්ථ බලශක්ති ක්ෂේත්‍රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් එමගින් බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙරට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී යි මේ බව අනාවරණ කෙරුණා.

නව රෙගුලාසි රජයේ ප්‍රතිපත්ති , තීරණ සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ යෝජනා මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ලිහිසි තෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර 3කට වරක් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.

එමෙන්ම සියලුම ආනයනික ලිහිසි තෙල්වර්ග වෙනුවෙන් ඛණිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම්ගතව ඇති 1200කට ආසන්න පිරවුම්හල්වල ද අලෙවි කිරීමට පහසුකම් සැලසීමට නියමිතයි.

ඒ අනුව පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ඒවා මිලට ගැනීමේ අවස්ථාව උදාවනවා.

වෙළඳපොළ ඒකාධිකාරයක් ඇති නොවන පරිදි, ගුණාත්මක නිෂ්පාදන සියල්ල වෙනුවෙන් යහපත් තරගකාරී වෙළඳ පොළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද මෙහි දී පැහැදිළි කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?