ලිස්ටීරියා වැළඳුනු එක් රෝගියෙක් පමණක් හමුවුණා – ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්

මෙරටින් ලිස්ටීරියා රෝගය වැළඳුනු එක් රෝගියෙකු පමණක් හඳුනාගෙන ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන් ද සොයිසා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ මෙම රෝගීන් සම්බන්දයෙන් සමාජ මාධ්‍යවල පළවන ඇතැම් කරුණු නිවැරදි නොවන බවයි.

ලිස්ටීරියා වැළඳී රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා පළකර තිබුණද එම රෝගීන් ලිස්ටීරියා රෝගයට ගොදුරුවී ඇති බවට අනාවරණය වී නොමැති බවද වෛද්‍ය සොයිසා පැවසුවා.

මේ අතර අදාළ සිදුවීම පිලිබඳව වාර්තාවන ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතවද මේ පිළිබදව විශේෂ සොයා බැලීමක් ක්‍රියාත්මක වන බව වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවා.

ඔහු වැඩි දුරටත් පැවසුවේ ආහාර හරහා මෙම ලිස්ටීරියා රෝගය වැළඳිය හැකි බැවින් රෝග ලක්ෂණ ලෙස පාචන තත්වය, බඩේ අමාරුව, උණ ගතිය ඇතිවිය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?