ලිස්ටීරියා වැළඳුනු එක් රෝගියෙක් පමණක් හමුවුණා – ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්

මෙරටින් ලිස්ටීරියා රෝගය වැළඳුනු එක් රෝගියෙකු පමණක් හඳුනාගෙන ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කැඳවුම්කරු වෛද්‍ය නවීන් ද සොයිසා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ මෙම රෝගීන් සම්බන්දයෙන් සමාජ මාධ්‍යවල පළවන ඇතැම් කරුණු නිවැරදි නොවන බවයි.

ලිස්ටීරියා වැළඳී රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට වාර්තා පළකර තිබුණද එම රෝගීන් ලිස්ටීරියා රෝගයට ගොදුරුවී ඇති බවට අනාවරණය වී නොමැති බවද වෛද්‍ය සොයිසා පැවසුවා.

මේ අතර අදාළ සිදුවීම පිලිබඳව වාර්තාවන ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතවද මේ පිළිබදව විශේෂ සොයා බැලීමක් ක්‍රියාත්මක වන බව වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවා.

ඔහු වැඩි දුරටත් පැවසුවේ ආහාර හරහා මෙම ලිස්ටීරියා රෝගය වැළඳිය හැකි බැවින් රෝග ලක්ෂණ ලෙස පාචන තත්වය, බඩේ අමාරුව, උණ ගතිය ඇතිවිය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48