AFC Banner
AFC Banner
Empty Ad

ලිස්ටීරියා බවට සැක රෝගියෙකු බදුල්ල මහ රෝහලට

ලිස්ටීරියා ආසාදිත බවට සැක කෙරෙන රෝගියෙකු මහියංගණය මූලික රෝහලේ සිට බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මතා සඳහන් කළේ 15 හැවිරිදි ළමයෙකු මෙලෙස ආසාදනයට ලක්වී ඇති බවයි.

එම ළමයාගේ මිත්තණිය පසුගියදා සිරිපා වන්දනාවේ ගොස් පැමිණ ඇති බවට අනාවරණ වී ඇති අතර ලිස්ටීරියා රෝග ලක්ෂණ පවතින එම ළමයාට ප්‍රතිකාර සිදු කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඔහුට වැළඳී ඇත්තේ එම රෝගය ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?