ලික් වෙලා පුපුරන ගෑස්

අද දිනයේත් , ගෑස් ආශ්‍රිතව සිදුවූ තවත් සිද්ධින් කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.

මාතර – නාවිමන, මීගොඩ – පානලුව, මීරිගම, මොරටුව – රාවතාවත්ත, කැකිරාව ආදි ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිතව සිදුවූ තවත් සිද්ධින් කිහිපයක් මෙලෙස වාර්තා වී ඇති බවයි අපට ප්‍රාදේශීය වාර්ථාකරුවන් සදහන් කලේ.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෑස්වල සංයුතිය පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණ වාර්තා හෙළිකළ යුතු බවයි ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ආනන්ද පාලිත අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම ගෑස්වල අඩංගු සංයුතිය පිළිබඳ නියාමනය කිරීම සඳහා මේ දක්වා ආයතනයක් නොමැතිවීම කණගාටුවට කරුණක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද ප්‍රකාශ කරා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !