පාසල්වලින් සහ කඩවල්වලින් සොරකම් කර කැසිනෝ ක්‍රීඩා කළ අයෙක් අත්අඩංගුවට

පොලිස් වසම් කිහිපයක ප්‍රදර්ශනාගාර සහ වෙළඳසැල් සතු දේපළ සොරා ගත් පුද්ගලයෙක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ද සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනා ලැප්ටොප් පරිගණක, ප්‍රොජෙක්ටරයක් සහ වටිනා ස්මාර්ට් අත් ඔරලෝසුවක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණා.

පිළියන්දල පොලිස් වසමේ ජාත්‍යන්තර පාසලකට සහ වෙළඳ ප්‍රදර්ශනාගාර දෙකකට එකම දිනයකදී ඇතුළු වූ මෙම සැකකරු එහි තිබූ දේපළ සොරා ගැනීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාළව CCTV දර්ශන ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු කිරිවත්තුඩුව, තලගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකරු සොරකම කරන මෙම දේපළ විකුණා, එම මුදල් කැසිනෝ ක්‍රීඩාව සඳහා වැය කර ඈති බවද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

45 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිළියන්දල පොලිසිය වසින් වැඩිදුර විමර්ශන පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46