ලිංගික හිංසනයට ලක්වූ බව කියන ‘කේලි ෆේසර්’ට වැලිගම පොලිසිය තුළ දී බලපෑම් ආවාද ? – වැලිගම පොලීසිය උත්තර බඳියි

මේ වනවිට වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වන කේලි ෆේසර් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් කේලි ෆේසර් පසුගිය දා පවසා සිටියේ තමන් ශ්‍රී ලංකාව තුළ දී ලිංගික හිංසනයට ලක්වූ බවයි.

කෙසේ වෙතත් ඊට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව ද ඇය එහිදී සඳහන් කර සිටිනවා.

තමන්ට සිදු වූ ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් සංචාරක පොලිසියට පැමිණිල්ලක් ද කළ බව පවසන ඇය, එම පැමිණිල්ලට අදාළව වැලිගම පොලිසියෙන් කැඳවීමක් ලැබුණු බව සඳහන් කරනවා.

එහිදී වැලිගම පොලීසියට ගිය පසු තමන් එක්තරා කළුවර කාමරයකට කැඳවාගෙන ගිය බවයි කේලි ෆේසර් වැඩිදුරටත් පවසා සිටියේ.

තමන්ට අතවර කළ පුද්ගලයින් සිව්දෙනා ද එහි සිට බව පවසන ඇය, එහිදී ඔවුන් විසින් තමන් අතවරයට ලක්වූ බව කියන පැමිණිල්ල අසත්‍ය බවට දන්වමින් ලිපියක් ලියන ලෙස බලපෑම් එල්ල කළ බවයි පවසන්නේ.

කෙසේ වෙතත් තමන් එය ප්‍රතිෂේප කළ බවයි බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සමාජ මාධ්‍යට එක්කළ අදාල වීඩියෝ පටය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් අප වැලිගම පොලිසියෙන් විමසීමක් සිදු කළා.

එහිදී වැලිගම මූලස්ථාන පොලීසිය පැවසුවේ අදාල විදෙස් ජාතික තරුණිය සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරය රටට අපකීර්තියක් ඇති කිරීම සඳහා ද්වේෂ සහගතව සිදුකළ ප්‍රකාශයක් බවයි.

අදාල බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වන කේලි ෆේසර් වැලිගම, පැලෑන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සිටිය දී පසුගිය 2019 වර්ෂයේ දී හිංසනයට සහ දූෂණයට ලක් වූ බවට 2019 -12 – 07 දින විද්‍යුත් තැපෑල මඟින් කොළඹ පොලිස් සංචාරක කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් මාතර කොට්ඨාසයටත්, වැලිගම මූලස්ථාන පොලීසියටත් ලිපියක් මඟින් දන්වා ඇති බව සඳහන්.

අනතුරුව 2020-01-12 දින වැලිගම මූලස්ථාන පොලිසිය මඟින් සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනෙකු සහ අදාල තරුණිය පොලිස් ස්ථානයට ගෙන්වා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

එහිදී අදාළ සැකකරුවන් මිතුරන් බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නැති බවත් පවසමින් අදාළ පැමිණිල්ල ඉවත්කර ගැනීමට තරුණිය කටයුතු කර ඇති බව සදහන්.

මේ අතර ගාලුමුවදොර අරගල භූමියේ සිද්ධීන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාර කළ බවට කේලි ෆේසර්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?