ලිංගික හිංසනයට ලක්වූ බව කියන ‘කේලි ෆේසර්’ට වැලිගම පොලිසිය තුළ දී බලපෑම් ආවාද ? – වැලිගම පොලීසිය උත්තර බඳියි

මේ වනවිට වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වන කේලි ෆේසර් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් කේලි ෆේසර් පසුගිය දා පවසා සිටියේ තමන් ශ්‍රී ලංකාව තුළ දී ලිංගික හිංසනයට ලක්වූ බවයි.

කෙසේ වෙතත් ඊට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව ද ඇය එහිදී සඳහන් කර සිටිනවා.

තමන්ට සිදු වූ ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් සංචාරක පොලිසියට පැමිණිල්ලක් ද කළ බව පවසන ඇය, එම පැමිණිල්ලට අදාළව වැලිගම පොලිසියෙන් කැඳවීමක් ලැබුණු බව සඳහන් කරනවා.

එහිදී වැලිගම පොලීසියට ගිය පසු තමන් එක්තරා කළුවර කාමරයකට කැඳවාගෙන ගිය බවයි කේලි ෆේසර් වැඩිදුරටත් පවසා සිටියේ.

තමන්ට අතවර කළ පුද්ගලයින් සිව්දෙනා ද එහි සිට බව පවසන ඇය, එහිදී ඔවුන් විසින් තමන් අතවරයට ලක්වූ බව කියන පැමිණිල්ල අසත්‍ය බවට දන්වමින් ලිපියක් ලියන ලෙස බලපෑම් එල්ල කළ බවයි පවසන්නේ.

කෙසේ වෙතත් තමන් එය ප්‍රතිෂේප කළ බවයි බ්‍රිතාන්‍ය ජාතික තරුණිය සමාජ මාධ්‍යට එක්කළ අදාල වීඩියෝ පටය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් අප වැලිගම පොලිසියෙන් විමසීමක් සිදු කළා.

එහිදී වැලිගම මූලස්ථාන පොලීසිය පැවසුවේ අදාල විදෙස් ජාතික තරුණිය සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරය රටට අපකීර්තියක් ඇති කිරීම සඳහා ද්වේෂ සහගතව සිදුකළ ප්‍රකාශයක් බවයි.

අදාල බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වන කේලි ෆේසර් වැලිගම, පැලෑන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සිටිය දී පසුගිය 2019 වර්ෂයේ දී හිංසනයට සහ දූෂණයට ලක් වූ බවට 2019 -12 – 07 දින විද්‍යුත් තැපෑල මඟින් කොළඹ පොලිස් සංචාරක කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් මාතර කොට්ඨාසයටත්, වැලිගම මූලස්ථාන පොලීසියටත් ලිපියක් මඟින් දන්වා ඇති බව සඳහන්.

අනතුරුව 2020-01-12 දින වැලිගම මූලස්ථාන පොලිසිය මඟින් සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනෙකු සහ අදාල තරුණිය පොලිස් ස්ථානයට ගෙන්වා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

එහිදී අදාළ සැකකරුවන් මිතුරන් බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නැති බවත් පවසමින් අදාළ පැමිණිල්ල ඉවත්කර ගැනීමට තරුණිය කටයුතු කර ඇති බව සදහන්.

මේ අතර ගාලුමුවදොර අරගල භූමියේ සිද්ධීන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාර කළ බවට කේලි ෆේසර්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01