ලැව්ගිනි නිසා වාතයේ ගුණාත්මක භාවය ගැන අනතුරු ඇඟවීම්

ලැව්ගිනි නිසා කැනඩාවේ සමහර ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවයට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට හේතු වී තිබෙනවා.

කැනඩාවේ ලැව්ගිනි නිසා ඇතිව ඇති අධික දුමාරය, චිකාගෝ වැනි එක්සත් ජනපදයේ නගරවල ට මෙය බලපා තිබේ.

එළිමහන් වාතයේ ගුණාත්මකභාවයට අහිතකර ලෙස මෙය බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පවතින අධික දුමාරය සහ ගන්ධය කලාපය පුරා පැතර යාමත් ලැව්ගිනි නිසා ඇතිව ඇති දුම් උතුරු අමෙරිකාව හරහා දකුණට සහ නැගෙනහිර ප්‍රදේශයට පැතිර යන බව සඳහන්

මේ වසරේ වාර්තා වී ඇති දරුණුතම ලැව්ගිනි සමය මෙය බවයි කැනේඩියානු අන්තර් ඒජන්සි වනාන්තර ගිනි මධ්‍යස්ථානය පවසා ඇත්තේ. ළමයින්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු කණ්ඩායම් වාතයේ ගුණාත්මක භාවය දුර්වල වන විට එළිමහන් ක්‍රියාකාරකම් සීමා කළ යුතු බවයි.මේ දක්වා වාර්තා වී ඇති 3,000කට ආසන්න ලැව්ගිනිවලින් 500කට ආසන්න ප්‍රමාණයක් තවමත් ඇවිලෙමින් පවතින බවයි කැනේඩියානු ගිනි නිවන බලධාරීන් පවසන්නේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?