ලාෆ් ගෑස් මිල ඉහළ ගිහින් ද ?

දිවයිනේ ප්‍රදේශ ගනනාවකම මේ වන විට යළිත් ගෑස් හිඟයක් මතුව තිබෙනවා.

ගෑස් මෙරටට ආනයනය කිරීම සදහා වානිජ බැංකු විසින් ණයවර ලිපි නිකුත් නොකිරීම මත ගෑස් ආනයනය කිරීම දැඩි ගැටළුකාරි තත්ත්වයකට පත්ව ඇති බවයි ගෑස් සමාගම් පවසන්නේ.

එසේම පවතින ගෑස් තොග අවසන් වීම හේතුවෙන් මේ වන විට වෙළඳපළට ලාෆ් ගෑස් නිකුත්කිරීම ද ඊයේ (04) දිනයේ සිට අත්හිටුවන් ලැබුවා.

පවතින ගෑස් හිඟය මත ඇතැම් ප්‍රදේශවල ලාෆ් ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක වැඩි මිලට ගෑස් අලෙවි කිරීමට කටයුතු කර තිබූ බවටද තොරතුරු වාර්තා වුණා.

මේ වන විට ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතාගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ එවැනි මිල වැඩිකිරීමක් සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර ගෑස් රැගත් නෞකා දෙකක් පසුගියදා මෙරටට ළඟා වී ඇති අතර එම නෞකාවන් ද මේ වන විටත් උස්වැටකෙයියාව තල්දියවත්ත මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන තෙක් එම නෞකාවන් වෙත මුදල් ගෙවීම් කටයුතු සිදු කර නොමැති වීම හේතුවෙන් එම නෞකාවල පවතින ගෑස් තොගයන් ගොඩබෑමේ කටයුතු මේ වන තෙක් ආරම්භ කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32