Empty Ad
AFC Banner
Empty Ad

ලාංකික කථිකාචාර්යවරියක් කැනඩාවේ දී ජීවිතක්ෂයට

කැනඩාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ලාංකික කථිකාචාර්‍යවරියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි එමාෂා විජේසිංහ නමැති තරුණියක් බවයි වාර්තා වන්නේ.

ඇය කුරුණෑගල, දොරටියාව – මල්ලවපිටියේ පදිංචිකාරිණියක්.

එමාෂා දරුණු පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳි ඇති අතර, ඊට දිගු කලක සිට ප්‍රතිකාර ලබමින් ද සිට ඇති බවයි පැවසෙන්නේ.

එමාෂා විජේසිංහ කැනඩාවේ කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේ ගණිත අංශයෙන් දර්ශනපති පශ්චාත් උපාධිය හදාරමින් සිටියදියි මෙලෙස අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ.

ඇයට පිළිකා රෝගී තත්ත්වය වැළඳී ඇත්තේ උදර කොටසේ බවත් පැවසෙනවා.

එමාෂා විජේසිංහ යනු වයඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා පසුව උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ තැනැත්තියක්.

පේරාදෙණිය සරසවියේ සහාය කථීකාචාර්යවරියක් ලෙස සේවය කරමින් සිටියදී වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට 2023 වසරේ දී කැනඩාවේ කොන්කෝඩියා සරසවියට ඇතුළත් ව ඇති මැය රෝගී තත්ත්වය උත්සන්න වීම නිසාවෙන් යළි සිය ස්වාමිපුරුෂයා සමග මේ වසර මැද දිවයිනට පැමිණීමටයි සූදානමින් සිට ඇත්තේ.

ඇයගේ දේහය මේ වනවිට කුරුණෑගල, දොරටියාව, මල්ලවපිටිය නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු කුරුණෑගල දී සිදු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
0
+1
49
+1
6
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>