ලාංකික කථිකාචාර්යවරියක් කැනඩාවේ දී ජීවිතක්ෂයට

කැනඩාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ලාංකික කථිකාචාර්‍යවරියක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි එමාෂා විජේසිංහ නමැති තරුණියක් බවයි වාර්තා වන්නේ.

ඇය කුරුණෑගල, දොරටියාව – මල්ලවපිටියේ පදිංචිකාරිණියක්.

එමාෂා දරුණු පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳි ඇති අතර, ඊට දිගු කලක සිට ප්‍රතිකාර ලබමින් ද සිට ඇති බවයි පැවසෙන්නේ.

එමාෂා විජේසිංහ කැනඩාවේ කොන්කෝඩියා විශ්වවිද්‍යාලයේ ගණිත අංශයෙන් දර්ශනපති පශ්චාත් උපාධිය හදාරමින් සිටියදියි මෙලෙස අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ.

ඇයට පිළිකා රෝගී තත්ත්වය වැළඳී ඇත්තේ උදර කොටසේ බවත් පැවසෙනවා.

එමාෂා විජේසිංහ යනු වයඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා පසුව උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ තැනැත්තියක්.

පේරාදෙණිය සරසවියේ සහාය කථීකාචාර්යවරියක් ලෙස සේවය කරමින් සිටියදී වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට 2023 වසරේ දී කැනඩාවේ කොන්කෝඩියා සරසවියට ඇතුළත් ව ඇති මැය රෝගී තත්ත්වය උත්සන්න වීම නිසාවෙන් යළි සිය ස්වාමිපුරුෂයා සමග මේ වසර මැද දිවයිනට පැමිණීමටයි සූදානමින් සිට ඇත්තේ.

ඇයගේ දේහය මේ වනවිට කුරුණෑගල, දොරටියාව, මල්ලවපිටිය නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු කුරුණෑගල දී සිදු කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
0
+1
49
+1
6
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21