ලසිත් මාලිංග සහ පාණ්ඩ්‍යා අතර සිදු වූ සිදුවීම ඉන්දීය මාධ්‍ය කළඹයි (වීඩියෝ)

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩි දෙනෙකුගේ අවදානය යොමුව ඇති කණ්ඩායම් නායකයා බවට මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා පත්ව සිටිනවා.

ඒ, ගුජරාට් ටයිටන්ස් නායකත්වයෙන් ඉවත්ව මෙවර තරගාවලිය වෙනුවෙන් මුම්බායි කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් ඔහු මුම්බායි කණ්ඩායමේ නව නායකයා ලෙස පත්වීමෙන් පසු ක්‍රීඩා කළ පළමු තරග දෙකම පරාජයට පත්වීමට සිදුවීම ද විශේෂත්වයක්.

පසුගිය බදාදා අවසන් වරට සහභාගී වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් පිළ දැවැන්ත ප්‍රහාරයකට ලක්වීමත් සමඟ පාණ්ඩ්‍යාගේ නායකත්වය පිළිබඳව බොහෝ දෙනෙක් දෝෂාරෝපණ එල්ල කරන්නට වුණා.

මෙවැනි තත්ත්වයක් තුළ එදින තරගය අතර මැද සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යවල සහ සමාජ මාධ්‍යයේ වැඩි අවදානයක් මතුව තිබෙනවා.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන කිරන් පොලාඩ් සහ ලසිත් මාලිංග වාඩි වී කතා කරමින් සිටින අතර තුර එම ස්ථානයට පැමිණෙන මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යාට අසුන ලබා දී ලසිත් මාලිංග එම ස්ථානයෙන් පිටව යන ආකාර අදාළ සිදුවීමේ දැක්වෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මුම්බායි පන්දු යැවීමේ පුහුණුකරු ලසිත් මාලිංග කණ්ඩායමේ නායකයා නොසලකා හැර එම ස්ථානයෙන් පිටව ගිය බවයි.

“මාලිංගට පුටුවෙන් නැගිටින එක වළක්වන්නවත් හර්දික් උත්සාහ කළේ නැහැ. පොලාර්ඩ්ගේ මුහුණ දෙස බලන්න, ඔහුට සුවපහසුවෙන් නෙවෙයි ඉන්නේ. පාණ්ඩ්‍යා ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන්න දන්නේ නැහැ. එයාට වෙනත් පුටුවක් ගේන්න තිබුණා.” යනුවෙන් සඳහන් කරමින් එම වීඩියෝව ඉන්දීය මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
25
+1
32
+1
19
+1
15
+1
12
+1
26
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?