ලබන වසර සඳහා ඡන්දදායක සංගණනය පෙබරවාරියේ

ලබන වර්ෂය සඳහා ඡන්දදායක සංගණනය එළඹෙන පෙබරවාරි 01 වනදා ආරම්භ කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

මෙම සංගණනයේ දී පෙර වසරවල මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බවයි එම සංවිධානය සඳහන් කළේ.

සංගණන නිලධාරීන් සංචාරය කරන්නේ අලුතින් එකතු කරන ලද සහ ඉවත් කරන ලද නම් ඇතුළත් A සහ Aa ලැයිස්තු යාවත්කාලීන කිරීමට අදාළ නිවාස සඳහා පමණක් බව සඳහන්.

දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ද මෙම සංගණනය පවත්වන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර, තොරතුරු රැස් කිරීමෙන් පසු ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වීමට සුදුසුද නැද්ද යන්න පිළිබඳ නිලධාරීන්ගේ නිර්දේශ ද නිරීක්ෂණය කළ හැකිවේ.

අක්‍රමිකතා නිරීක්ෂණය වුවහොත් නියෝජිතයන්ට සංගණන නිලධාරියාට ලිඛිතව දැනුම්දීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !