ලබන වසරේ දීර්ඝ විදුලි කප්පාදුවක් – විදුලි ඉංජිනේරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ලබන වසරේ අප්‍රේල් මස 15 වන දිනට පෙර ප්‍රමාණවත් තරම් ගල් අඟුරු නොලැබුණහොත් මෙතෙක් ඉතිහාසයේ සිදුවන දීර්ඝතම විදුලි කප්පාදුවට රට ලක්විය හැකි බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා.

එම සංගමයේ සභාපති, නිහාල් වීරරත්න අද (28) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පැවසුවේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නැව් 38ක් රටට අවශ්‍ය වුවත් මේ වනවිට රටට ලැබී ඇත්තේ නැව් 04ක් පමණක් බවයි.

මෙම නැව් 38 අප්‍රේල් 15 වනවිට ලබා නොගන්නේ නම් ලබන වසරේ ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වන විට විශාල විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවත් 2023 දී කළුවර ජූලියක් පැමිණිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?