AFC Banner
AFC Banner
Empty Ad

ලබන අප්‍රේල් සිට ලන්ච් ෂිට් තහනම්

ලබන වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට සියලුම ලන්ච් ෂිට් වර්ග තහනම් කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශිව කුමාර් පවසනවා.

ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව කඩුවෙල පැවති පිරිසිදු කිරීමේ ප්‍රධාන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මයික්‍රෝ ප්ලාස්ටික් ශරීරයට අහිතකරවීම හේතුවෙන් දැනට භාවිත කරන සියලුම ලන්ච් ෂිට් වර්ග එළඹෙන වර්ෂයේ දී තහනම් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ග්‍රොසරි බෑග් භාවිතය අවම කිරීමට ද කටයුතු සිදුකරමින් පවතින බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
6
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?