ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන්න මාස 06ක්

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා (05) රැස් වුණා.

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණා.

මෙහිදී ලන්ච් ෂිට් භාවිතය හේතුවෙන් මෙරට සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ පවතින තැලේට් නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

ඒ අනුව සෙෳඛ්‍යට හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා, එය භාවිතයෙන් ඉවත් කිරීමට සහ විකල්ප හඳුන්වාදීමට මාස 06ක සහන කාලයක් ලබා දී ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබා දුන්නා.

ලොව කිසිදු රටක ලන්ච් ෂීට් භාවිත නොවන බව පෙන්වා දුන් පරිසර අමාත්‍යාංශ නිලධාරීන් ලන්ච් ෂීට් භාවිතයෙන් තොරවීමේ වැදගත්කම කාරක සභාවට පෙන්වා දෙනු ලැබුවා.

පරිසර පනත සංශෝධනය සඳහා දැනට ඉදිරිපත්ව ඇති සංශෝධන කාරක සභාවේදී සලකා බැලූ අතර, පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා විශේෂ කරුණු කිහිපයක්ම යෝජනා කර ඇති බව නිලධාරීන් මෙහිදී සඳහන් කළා.

එමෙන්ම ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා නැවත එකතු කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන්නාටම ලබා දියයුතු බවට කාරක සභාව මෙහිදී යෝජනා කරනු ලැබුවා.

ඒ අනුව නව තාක්ෂණයෙන් QR කේත භාවිත කර විවිධ පරිභෝජන අවශ්‍යතා සඳහා බෙදාහරිනු ලබන ප්ලාස්ටික් බෝතල් නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එක්කරන්නේ ද යන්න සොයා බැලීමට ක්‍රමවේදයක් සකස් කිරීම පනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කරන බව නිලධාරීන් පැවසූවා.

එලෙස ප්‍රතිචක්‍රීකරණය සඳහා එම ප්ලාස්ටික්බෝතල් නැවත ලබාදීම වඩාත් කාර්යක්ෂම කිරීමට නම් හිස් බෝතල්වලට යම් සැළකිය යුතු මුදලක් ලබා දියයුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළා.

එමෙන්ම ලංකාවට දැනට ආනයනය කරනු ලබන එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් උපකරණ හා ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා ලැයිස්තු ගතකර කාරක සභාවට මේ සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙසට ද අංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13