ලක්ෂ 28ක සල්ලි එක්ක මත් ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි

‘යුක්තිය 02’ මෙහෙයුමට සමගාමීව දෙමටගොඩ ‍පොලිස් වසමේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනකු ඇතුළු 42ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙහි දී අත්අඩංගුවට ගැනුණු මත් ජාවාරම්කරුවන් දෙදෙනෙක් සන්තකයේ තිබී ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 28 ලක්ෂයක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 42 දෙදෙනාම සන්තකයේ හොරොයින්, අයිස් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලිසි සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට හඳුනාගෙන තිබූ දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ නිවසක් සෝදිසි කිරිමේ දී එම නිවස තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 27ක මුදලක් සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට එම නිවසේ පදිංචිව සිටි පුද්ගලයින්ට අධිකරණයේ විභාගවන මත්ද්‍රව්‍ය නඩු කීපයක් ද ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊට අමතරව මිහිඳු සෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ ද තිබී රුපියල් ලක්ෂයක මුදලක් සමඟ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉන්න තැනට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ..ගැහැණු ළමයෙක්ට පාරේ යන්න බෑනේ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15
Video thumbnail
ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා..තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16