AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ 28ක සල්ලි එක්ක මත් ජාවාරම්කරුවන් පිරිසක් අල්ලයි

‘යුක්තිය 02’ මෙහෙයුමට සමගාමීව දෙමටගොඩ ‍පොලිස් වසමේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනකු ඇතුළු 42ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙහි දී අත්අඩංගුවට ගැනුණු මත් ජාවාරම්කරුවන් දෙදෙනෙක් සන්තකයේ තිබී ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 28 ලක්ෂයක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 42 දෙදෙනාම සන්තකයේ හොරොයින්, අයිස් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලිසි සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට හඳුනාගෙන තිබූ දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ නිවසක් සෝදිසි කිරිමේ දී එම නිවස තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 27ක මුදලක් සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට එම නිවසේ පදිංචිව සිටි පුද්ගලයින්ට අධිකරණයේ විභාගවන මත්ද්‍රව්‍ය නඩු කීපයක් ද ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊට අමතරව මිහිඳු සෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ ද තිබී රුපියල් ලක්ෂයක මුදලක් සමඟ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
00:00
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51
Video thumbnail
කාටත් හොරා රනිල්ගේ ඔඩොක්කුවට පැන්න ශ්‍රි.ල.නිප හාදයෝ #ranilwickremesinghe #slfp
02:46
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන හරි විමර්ශනයක් සිදු කරන බවට ජනපතිගෙන් සහතිකයක් #anurakumaradissanayake
05:01
Video thumbnail
නිමල් සිරිපාල මාධ්‍යට මුහුණ නොදී - පැනල ගියේ මෙහෙමයි #slpp #election2024
01:14

?