ලක්ෂ අසූවේ නිල් මැණිකට ව්‍යාජ මැණිකක් මාරු කරලා – නුවර පොලිසියෙන් විමර්ශන

මහනුවර – පේරාදෙණිය මාර්ගයේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳසැලකට ඊයේ (20) පැමිණි පිරිසක් එහි තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා නිල් මැණිකක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

සොරාගත් නිල් මැණිකේ පෙනුමට සමාන ලෙස නිල් මැණිකක් ලෙස වර්ණ ගැන් වූ වීදුරු ගලක් රැගෙන පැමිණ ඇති එම පුද්ගලයින් ඉතා සූක්ෂම ලෙස එම ගල මාරුකර නිල් මැණික සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පැමිණි පිරිස නිල් මැණික පරීක්ෂාකර අනතුරුව එය මිලට ගැනීමට යළි පැමිණෙන බව දන්වමින් පිටව ගොස් ඇති අතර, ඔවුන් පිටවගොස් පැය කිහිපකට පසු වෙළෙඳසැල්හිමියාට පැමිණි පිරිස සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා.

එහිදී වෙළෙඳසැල්හිමියා මැණික පරීක්ෂා කිරීමේ දී එය ව්‍යාජ මැණිකක් බවට හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්.

පැමිණි පුද්ගලයින් තිදෙනා අතරින් එක් අයෙකු ගැණුම්කරු ලෙසත් අනෙක් දෙදෙනා බ්‍රෝකර්වරුන් ලෙස ලෙසත් පෙනී සිට ඇති බවයි වාර්තා වුණේ.

ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් පිළිබදව හා ඔවුන් පැමිණි වාහනය සම්බන්ධව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිස් ස්ථානය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?