ලක්ෂ අසූවේ ඉඩම ලක්ෂ 60ට බැස්සූ කතට ගිනි තියලා

ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන, මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කාන්තාවගේ සිරුරට ගිනි තැබූ සිද්ධියක් වාර්තා වනවා.

අදාළ කාන්තාව පදිංචිව සිටි නිවසට හොර රහසේ ඇතුළු වූ අසල්වාසියෙක් විසින් මෙම අපරාධය සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති 63 හැවිරිදි කාන්තාව රෝහල් ගතව ප්‍රථිකාර ලබනවා.

අදාළ කාන්තාවගේ නිවස ආසන්නයේම පදිංචි සැකකාර පුද්ගලයා ඔහුට අයත් ඉඩමක් කලක සිට රුපියල් ලක්ෂ 60ක මුදලකට විකිණීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත් එම උත්සාහය ව්‍යාර්ථ වී ඇති අතර, ඉන් කලකට පසු අදාළ ඉඩම රුපියල් ලක්ෂ 80කට විකිණීම සඳහා ගැණුම්කරුවෙකු සොයාගැනීමට සැකකාර පුද්ගලයාට හැකිව ඇති බව සඳහන්.

එහිදී ගැනුම්කරු විසින් ලක්ෂ 80ක ඉඩම මිලට ගැනීමට රුපියල් ලක්ෂ 03ක අත්තිකාරම් මුදලක් ඉඩම අයිති සැකකරුට ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පසුව අසල්වැසි කාන්තාව ගැණුම්කරුට පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 80කට මිලදීගැනීමට සූදානම් වන්නේ මීට පෙර රුපියල් ලක්ෂ 60කට අලෙවිකිරීමට උත්සාහ කළ ඉඩමක් බවයි.

මෙම තොරතුරත් සමඟ ගැනුම්කරු විසින් එම ඉඩම අනවශ්‍ය බව පවසා ලබා දී තිබූ අත්තිකාරම් මුදලවන ලක්ෂ 03ක මුදල ද ආපසු ඉල්ලාගෙන තිබෙනවා.

මෙම සිදුවීමෙන් කෝපයට පත් ඉඩම් හිමි සැකකාර පුද්ගලයා මෙලෙස පෙරේදා (24) පස්වරුවේ අදාළ කාත්තාවගේ නිවසට හොර රහසේ ඇතුළු වී ඇයගේ සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබා පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පළාගියා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
8
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05