ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමෙ යෝජනාව එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ මූලිකත්වයෙන්.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම වසරේ මැයි මස 31 වැනි දින ද විවිධ ආකාරයේ සාකච්ඡා පැවැත්වුණා.

එහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී මණ්ඩලයේ මුල්‍ය ශේෂ පත්‍රය පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට ද පියවර ගත්තා.

2023 ජූනි අවසන් වනවිට විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන සැලසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට ලබා දී ඇති එකඟතාව අනුව ලෝක බැංකු නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්, ලංකා විදුලිබල මණ්ඩලය සමග එක්ව විදුලිබල මණ්ඩලය ලබා ගෙන ඇති සියලුම ව්‍යාපෘති ණය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය, පුනර්ජනනීය සැපයුම්කරුවන්ට සහ අනෙක් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය, රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය සහ අනෙකුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙන්ම 2023 වසරේ ඇති වී ඇති අලාභ පිරිමසා ගැනීම සඳහා වන සැලසුම සකස්කරනු ලැබුවා.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිරීක්ෂණ සහ යෝජනා අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපායමාර්ගික සැලසුම, කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තුවෙන් සිටියේ.

ඒ අනුවයි එහි අවසන් ඵලය එළඹෙන සතියේ දී විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?