ලංවිම ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමෙ යෝජනාව එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ මූලිකත්වයෙන්.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම වසරේ මැයි මස 31 වැනි දින ද විවිධ ආකාරයේ සාකච්ඡා පැවැත්වුණා.

එහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී මණ්ඩලයේ මුල්‍ය ශේෂ පත්‍රය පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට ද පියවර ගත්තා.

2023 ජූනි අවසන් වනවිට විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන සැලසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට ලබා දී ඇති එකඟතාව අනුව ලෝක බැංකු නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්, ලංකා විදුලිබල මණ්ඩලය සමග එක්ව විදුලිබල මණ්ඩලය ලබා ගෙන ඇති සියලුම ව්‍යාපෘති ණය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය, පුනර්ජනනීය සැපයුම්කරුවන්ට සහ අනෙක් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය, රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය සහ අනෙකුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මෙන්ම 2023 වසරේ ඇති වී ඇති අලාභ පිරිමසා ගැනීම සඳහා වන සැලසුම සකස්කරනු ලැබුවා.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිරීක්ෂණ සහ යෝජනා අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් විදුලිබල මණ්ඩලයේ මුල්‍ය ශේෂපත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපායමාර්ගික සැලසුම, කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තුවෙන් සිටියේ.

ඒ අනුවයි එහි අවසන් ඵලය එළඹෙන සතියේ දී විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14