AFC Banner
AFC Banner
Empty Ad

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා

සංවර්ධන ආයතනවල සහාය ඇතිව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

මෙම හමුවට අසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය, ඇමෙරිකානු එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනය, ජාත්‍යන්තර මුල්‍ය ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව යන ආයතන රැසක් නියෝජනය කරන මෙරට ප්‍රධානීන් සහ ආයතන නියෝජිතයෝ සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරිමට පත් කළ කමිටුවේ නියෝජිතයන් එක්ව සිටියා.

මානව සම්පත් කළමනාකරණය ඇතුළුව බලශක්ති සහ මූල්‍ය විගණනවල අරමුණු ඉටු කර ගැනීම සඳහා බලශක්ති, මූල්‍ය සහ නීති ක්ෂේත්‍රවල ජාත්‍යන්තර සහ දේශීය විශේෂඥයින්ගේ සේවය ලබා ගැනීම සඳහා මෙහිදී ශ්‍රී ලංකාව සංවර්ධන ආයතනවලින් තාක්ෂණික සහ මූල්‍ය ආධාර ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළා.

මිලදී ගැනීමේ බල සමානාත්මතා ආකෘති, නීති කෙටුම්පත්, පර්යේෂණ කටයුතු, පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම ඇතුළු කටයුතු පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ඔහු කියාසිටියේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදේශීය සහ දේශීය බලශක්ති, මුල්‍ය සහ නීති ක්ෂේත්‍රයන්වල විශේෂඥයන් ගැනීම, ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වෙන් කිරීමට අවශ්‍ය සහය ගැනීම, මූල්‍ය සහ බලශක්ති විගණනයන් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමේදී මානව සම්පත් කළමනාකරණය කිරීම, රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාර ක්‍රමයන් පදනම් කරගැනීම සහ අනුගත කිරීම, නීති සම්පාදනය කිරීම සහ කෙටුම්පත් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු කිරීම, පුනර්ජනනීය බලශක්තිය පදනම් කර ගනිමින් ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම, එම ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය සන්නිවේදන කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අවසන් වන තෙක් සැලසුම කාර්යාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීම ආදි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එම සහය එම ආයතන සහ කණ්ඩායමක් ලෙස බෙදාගනිමින් සැපයීමට එකඟතාව පළවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?