ලංවිම අහෝසි කළ ගැසට් නිවේදනය අද සිට බලාත්මකයි

විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (09) දිනයේ සිට බලාත්මක වනවා.

ඒ, අනුව 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන අද (09) සිට බලාත්මක වන අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇති.

විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් සමාගම් 06ක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් එම අති විශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කළා.

ඒ, අනුව විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයකට පැවරීම සඳහා විධිවිධාන සලසා ඇති බව ගැසට් පත්‍රයේ සඳහන්.

මෙරට විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂනය, බෙදාහැරීම සහ පාරිභෝගිකයින් වෙත එය සැපයීම සඳහා වන සියලු‍ වගකීම් පැවරී තිබුණේ ලංකා විදුලිබල මණ්ඩලයටයි.

මේ අතර අහෝසි කළ විදුලි බල මණ්ඩලය වෙනුවට පිහිටුවන ආයතන හයෙන් තුනක් සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් පත්කර තිබෙනවා.

ඒ, අනුව ඉංජිනේරු කේ.එස්.අයි කුමාර Electricity distribution Lanka පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ලෙස පත්කර ඇති අතර, Electricity Generation Lanka පෞද්ගලික සමාගමේ සාමාන්‍යධිකාරී ලෙස පත්කර ඇත්තේ, ඉංජිනේරු සාලිය පණ්ඩිතරත්නයි.

ජාතික සම්ප්‍රේෂණ පද්ධති සේවා සැපයුම් පෞද්ගලික සමාගමේ සාමාන්‍යධිකාරීවරයා ලෙස ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහ පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !