නිවසක විදුලිය විසන්දි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට බාධා කළ පුද්ගලයෙක් වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා විදුලිය විසන්දි කිරීමට විදුලිබල සේවකයින් පැමිණ අවස්ථාවේ දී ඔවුන්ට කැත්තක් රැගෙන පහරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඔහු තමන් ඇද සිටි කලිසම ගලවා පසුපස ප්‍රදේශය විදුලිබල සේවකයිට පෙන්වා අශෝභන ලෙස හැසිරී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නිලධාරීන් වැල්ලවාය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.





