ලංගම බසයක් මතට මාර අත්තක් කඩා වැටී කඩුගන්නාවේ දී අනතුරක් (ඡායාරූප)

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට විශාල මාර ගසක දිරන ලද අත්තක් කඩා වැටීමෙන් අද (13) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මොරටුව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ගම්පොළ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබිය පහළ කඩුගන්නාව ප්‍රදේශයේ දී බස් රථය මතට මෙම මාර අත්ත කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක් තුවාල ලබා ඇති අතර, බස් රථයේ රියදුරුට ද මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බස් රථයට ද අලාභහානි සිදුව ඇති අතර, කඩුගන්නාව පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2025 06 13 at 12.28.04 PM
WhatsApp Image 2025 06 13 at 12.28.03 PM
WhatsApp Image 2025 06 13 at 12.28.01 PM
WhatsApp Image 2025 06 13 at 12.28.00 PM
WhatsApp Image 2025 06 13 at 12.27.59 PM


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?