ලංගමට කෝටි 3කට අධික ආදායමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීමේ සේවාව සඳහා ඉදිරි වසරේ සුඛෝපභෝගී බස් රථ 200ක් එක් කිරීමට කටයුතු කරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් පැවැසීය.

වසරකට අධික කාලයක් සිදු කළ අන්තර්ජාලය ඔස්සේ මගී ආසන වෙන් කිරීමේ සේවාව අති සාර්ථක බවත් sltb.eseat.lk වෙබ් අඩවිය ඔස්සේ මගී ආසන වෙන්කරගත හැකි බව ද ඔහු සඳහන් කළා.

මෙම ක්‍රමය ඔස්සේ මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා මගී ආසන 80,000ට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගෙන ඇති බවත් ඊට අදාළව රුපියල් කෝටි තුනහමාරකට ආසන්න ආදායමක් ලංගම උපයා ඇති බවත් ඔහු පැවැසීය.

පසුගිය නත්තල් නිවාඩුව සහිත සතිඅන්තයේ විශාල ඉල්ලුමක් මෙම ආසන වෙන් කිරීමේ සේවාව ඔස්සේ ලැබුණු බවත් 1315 අංකය ඔස්සේ ද ආසන වෙන් කිරීමේ පහසුකම පවතින බවද ඒ මහතා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?