2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතරින් පස්වන තැන ශ්‍රී ලංකාවට

ඇමරිකාවේ ‘U.S. News & World Report’ සඟරාව මගින් 2026 වසර සඳහා, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 05 අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සතු විවිධාංගීකරණය වූ සංචාරක අත්දැකීම් මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව ඇති අතර, ප්‍රවේශ වීමේ පහසුව සහ දැරිය හැකි පිරිවැය, සංස්කෘතික සහ ආහාරපානවල ඇති පොහොසත් බව, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු ද සලකා බලා ඇති බව සඳහන්.

ඊට අමතරව එකම කුඩා දූපතක් තුළ ලෝක මට්ටමේ වෙරළ තීරයන්, යුනෙස්කෝ ලෝක උරුම අඩවි සහ වනජීවී සෆාරි අත්දැකීම් ලබාගැනීමට ඇති හැකියාව මෙම වාර්තාව මගින් අගය කර තිබීම ද විශේෂත්වයක්.

මෙම වාර්තාවට අනුව ආසියාවේ සංචාරය කරන සංචාරකයෙකුට සංචාරය කළ හැකි හොඳම ස්ථානය ලෙස ජපානයේ ෆුජි කන්ද නම්කර ඇති අතර, පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් නගරය පිළිවෙලින් දෙවන තෙවන සහ සිව්වන ස්ථාන ගෙන තිබෙනවා.

මෙම වාර්තාවේ පස්වන තැන ශ්‍රී ලංකාවට හිමිවේදී හයවන තැන තායිලන්තයේ චියැං මායි වෙත හිමිව ඇති අතර, හත්වන තැන හිමිව ඇත්තේ භූතානයටයි.

ආසියාවේ සංචාරය කරන සංචාරකයෙකුට සංචාරය කළ හැකි හොඳම ස්ථාන අතර අටවන තැන වියට්නාමයේ අගනගරය වන හැනෝයි වෙත හිමිව තිබෙනවා.

මෙම වාර්තාවේ 09 වන ස්ථානය ඉන්දුනීසියාවේ බාලි දුපත් වෙත හිමිව ඇති අතර, දසවන තැන තායිලන්තයේ විශාලතම දූපත වන ෆුකෙට් වෙතයි හිමිව ඇත්තේ.

3 2
  1. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
    l



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56