AFC Banner
Empty Ad
Empty Ad

ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙයි

ජනප්‍රිය පාසල් හතරක් සඳහා අලුතින් පත්කරන ලද විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

පෙත්සම ඒ. එච්. එම්. ඩී. නවාස්, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (05) එම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර ලංකා ගුරු සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම අවසරය ලබා දී තිබුණා.

අදාළ සංශෝධිත පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 23 වනදා කැඳවන ලෙසද එහිදී විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

අදාළ විදුහල් සඳහා නව විදුහල්පතිවරුන් පත් කිරීම අවිධිමත් ආකාරයට සිදුකර ඇති බවත් අදාළ පත්වීම් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?