ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙයි

ජනප්‍රිය පාසල් හතරක් සඳහා අලුතින් පත්කරන ලද විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

පෙත්සම ඒ. එච්. එම්. ඩී. නවාස්, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (05) එම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර ලංකා ගුරු සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම අවසරය ලබා දී තිබුණා.

අදාළ සංශෝධිත පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 23 වනදා කැඳවන ලෙසද එහිදී විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

අදාළ විදුහල් සඳහා නව විදුහල්පතිවරුන් පත් කිරීම අවිධිමත් ආකාරයට සිදුකර ඇති බවත් අදාළ පත්වීම් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08