AFC Banner
AFC Banner
Empty Ad

ලංකාවේ ගෑස් හිඟයට පිළියම් යෙදු සංචාරකයෝ

රටේ පවතින ගෑස් හිඟයට පිළියමක් වශයෙන් ජර්මන් ජාතික යුවළක් විසින් කුරුඳු දර ලොරි දෙකක් අහුන්ගල්ල නගරයේ දී පෙරේදා (13 දා) පස්වරුවේ මහජනතාවට බෙදා දෙනු ලැබ තිබෙනවා.

සංචාරක මඟ පෙන්වන්නෙකු වන එච්. සුනිල් ශාන්ත ද සිල්වා ගේ ඉල්ලීම පරිදි මෙසේ දර බෙදාදෙනු ලැබුවේ ජර්මනියේ පදිංචි නෝබට් ක්ලෙපාර් සහ අනීතා මාජා ගේල් යන යුවළ විසිනි.

විශාල ප‍්‍රමාණයේ කුරුඳු දර මිටිය බැගින් දෙසීයකට ආසන්න පිරිසකට මෙසේ බෙදා දුන්හ.

මේ පිළිබඳව අදහස් දැක්වූ නෝබට් ක්ලෙපාර් මහතා පැවසුවේ, ‘‘පසුගිය දිනවල අහුන්ගල්ල පොලිසිය අසල දී ගෑස් ලොරියක් ඇවිත් ගෑස් අලෙවි කළා. එතැන ලොකු පෝලිමක් තිබුණා. රූපවාහිනී ප‍්‍රවෘත්තිවලදීත් මේ බව රට පුරාම දකින්න තිබෙනවා. මම මේ ගැන සුනිල් ශාන්ත මහතාගෙන් විමසූ විට පැවසුවේ රට පුරා ගෑස් හිඟයක් තිබෙන බවත්, ජනතාවට කෑම උයා ගැනීමට දරවත් නැති බවයි. ඒ අනුව කුරුඳු දර ගෙනැවිත් බෙදා දීමට අපි අදහස් කළා. ශ‍්‍රී ලාංකික ජනතාවට ඉදිරියටත් අපි උදව් කරන්න සූදානම්‘‘ යැයි ද කීයා සිටියා.

cinnamon firewood donation

(බලපිටිය – අනුර යසමිත්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?