ලංකාවේ කොවිඩ් මරණ 20%ක් සිදුවන විදිය වෛද්‍ය සංගමය අනාවරණය කරයි

කොවිඩ් සීග්‍ර ව්‍යාප්තිය සමග සෑම පැයකටම මෙරට කොවිඩ් මරණ නවයක් පමණ සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න පැවසුවාය.

ඇය සඳහන් කළේ මේ වන විට කොළඹ ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති වයිරසයක් බවයි.

පසුගිය දින කිහිපයේ සිදු වූ කොවිඩ් මරණවලින් සියයට විස්සක් පමණ නිවෙස්වල දී සහ ආසාදිතයන් රෝහල් වෙත රැගෙන යන අවස්ථාවේ දී සිදුව ඇති බවද විශේෂඥවරිය අවධාරණය කළාය.

එසේම බොහෝ මරණ කොවිඩ් මර්දන එන්නත ලබානොගත් පුද්ගලයන්ගේ වන බවත් සෑම කෙනකුම කොවිඩ් මර්දන එන්නත ලබා ගත යුතු බවත් ඇය කියා සිටී.

අගෝස්තු මස 20 වැනිදා කොවිඩ් මරණ 198ක්, අගෝස්තු 21 මරණ 183ක්, අගෝස්තු 22 මරණ 194ක් අගෝස්තු 23 මරණ 190,අගෝස්තු 24 මරණ 198ක් ,අගෝස්තු 25 මරණ 190 වශයෙන්ද වාර්තා විය. මෙම මරණවලට අනුව පැයට සිදු වූ මරණ ගණන අටකි.

පසුගිය 26 වැනිදා මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පළමු වරට දෙසීය සීමාව ඉක්මවන ලදී.

ඒ අනුව පසුගිය 26 වැනිදා කොවිඩ් මරණ 209ක්, 27 වැනිදා මරණ 214ක් සහ 28 වැනිදා කොවිඩ් මරණ 214ක් වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21