ලංකාවේ ආප්පවලට ඇළුම්කරන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ (ඡායාරූප)

දීර්ඝ තරග සංචාරයක් සඳහා ඕස්ට්‍ර්ලියානු ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

විස්සයි විස්ස තරගාවලියකට එක් වූ ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්දින තරගාවලියට මුහුණ දෙමිනුයි සිටින්නේ.

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තරග සංචාරය අතර තුර මෙරට ආහාර පාන රසවිඳිමින්, විවිධ ස්ථානවල සංචාරය කරමින් විවිධ ඉසව් සඳහා එක්ව තිබූ ආකාරය පසුගිය දින කිහිපයක් තුළ දක්නට ලැබුණා.

එහිදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ඈෂ්ටන් ඒගර් නුවර ප්‍රදේශයේ පිහිටි සිය මුත්තනුවන්ගේ නිවසට ගොස් තිබූ අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි වුණා.

එම ගමනින් පසු ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනර්ල්ඩ් එම ගමනේ අත්දැකීම් පිළිබඳව විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ එය ඉතා වටිනා අත්දැකීමක් බවත්, කුඩා කාලයේ දී තම මිත්තණිය විසින් කෑමට ආප්ප සකසා දුන් බවත් එහිදී ඔහු සිහිපත් කළා.

ඈෂ්ටන් ඒගර් එහිදී වැඩි දුරටත් පැවසුවේ තමන්ගේ ප්‍රියතම ආහාරයන් අතර ‘ආප්ප’ ප්‍රමුඛතාවයේ පවතින ආහාරයක් බවයි.

මේ අතර මෙරටට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජා ද ආප්ප ආහාරයට ගන්නා ඡායාරුපයක් සමාජ ජාල මාධ්‍යයට මුදාහැර තිබෙනවා.

මේ වනවිටත් ඒ සඳහා විශාල වශයෙන් ප්‍රතිචාර ලැබී ඇති ආකාරය දක්න්නට ලැබුණා.

289558356 1437393270071515 628294588649263175 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?