වෙළඳ ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථාදායක ගැටළු සහ දිට්වා ආපදාවෙන් පසු නැවත නැගී සිටීම සම්බන්ධයෙන් වන සුවිශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් රාජධානියේ නියෝජ්‍ය අගමැති ඩේවිඩ් ලැමී අතර හමුවක් අද (17) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා.
ශ්‍රී ලංකාවේ වන අලි ගහනය ආරක්ෂා කිරීම සහ වර්ධනය වන මිනිස්-අලි ගැටුම විසඳීම සඳහා සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ද මෙම සාකච්ඡාවේ දී යෝජනා වී තිබෙනවා.
අලි මිනිස් ක්‍රියාකාරකම්වලින් බලපෑමට ලක් වූ ග්‍රාමීය ප්‍රජාවන්ගේ ආරක්ෂාව සහ ජීවනෝපායන් සහතික කරන අතරම ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා තිරසාර සංරක්ෂණ උපාය මාර්ග, විද්‍යාත්මක ඉඩම් පරිහරණ සැලසුම්, ප්‍රජා ආරක්ෂණ පියවර සහ ජාත්‍යන්තර තාක්ෂණික සහාය අවශ්‍ය බව සාකච්ඡාවේ දී අවධාරණය වී තිබෙනවා.



