AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ විදින එන්නත තවමත් පරීක්‍ෂණ මට්ටමේ..

විදගත් අයගෙන්ද 20%කට කොරෝනා හැදෙන්න පුළුවන්..- GMOA

කොරෝනා පාලනය සදහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් සියයට සීයක් තොරතුරු නොදන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ තවමත් එම එන්නතේ සමහර අදියරයන්වල පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන බවයි.

එන්නත පළවෙනි මහතාව එන්නත් කර සැනින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් නොලැබෙන බවත් ඉන් සති හතරකට පසු දෙවන මාත‍්‍රාවත විදගෙන තවත් සති තුනකින් පමණ බලාපොරොත්තු වුණ ආරක්ෂාව ලැබෙන බවද ඔහු පැවසීය.

නමුත් එන්නතේ ඵලදායිතාව සියයට අසූවක් නිසා එන්නත විද ගත් අයගෙන්ද20%කට කොරෝනා වෛරසය වැළඳිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

සිරස රූපවාහිනි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?