ලංකාවට ඩිස්නිලන්තයක් ගෙනෙන බව ඩයනා කියයි

හම්බන්තොට දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය ඉදිකිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ලබන මාසයේ අමෙරිකාවට යාමට නියමිතයි.

වෝල්ට් ඩිස්නි සමාගමේ ආරාධනයකට අනුව මෙය සිදු වෙයි.

ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 18 ක ආයෝජනයක් සඳහා මූලික සැලසුම් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරිය ලබන මාසයේදී එක්සත් ජනපදයට යන බව ඇයගේ මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මත්තල ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයේ පවතින විශාල යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට මෙවැනි ආයෝජනයක් ප්‍රයෝජනවත් වනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය ගමගේ මහත්මිය පැවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?