ලංකාවට එන්න ඉන්න අයට දැනුම්දීමක්

ජනවාරි මස පළමු වනදා සිට ලංකාවට පැමිණෙන සියලුම මගීන්ට සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශනය කෙරෙන QR කේතය ස්මාර්ට් දුරකතනයට ඇතුලත් කර හෝ එහි මුද්‍රිත පිටපතක් රැගෙන ඒම අනිවාර්ය කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ජයවර්ධන මහතා පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මගී තදබදය අවම කිරීමේ අරමුණ සහිතව සෞඛ්‍ය අංශ විසින් සංචාරක අමාත්‍යංශය වෙත එම ඉල්ලීම කර ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ජයවර්ධන මහතා 

“ජනවාරි මස පළමුවනදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට, ඒ කියන්නේ ශ්‍රී ලාංකියන් හෝ වේවා, විදේශිකයන් හෝ වේවා, ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශනය කරන්න පෝරමක් නිකුත් කරලා තියෙනවා. එය මීට කලින් අපි ෆෝම් එක පුරවලා නැත්නම් ඔන්ලයින් ක්‍රමයට QR කේතයක් සකසා ගෙන ඒ ක්‍රම දෙකටම එන්න අපි අවස්ථාව ලබාදුන්නා. නමුත් අපි දැක්ක දේ තමයි ෆෝම් එක පුරවලා ඒ අවඅශ්‍ය ෆෝම් ගුවන්තොටුපොළේදී එතන ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පෙන්වීම සඳහා ගිය විට එතන ලොකු පෝලිමක් හැදෙනවා. ඉතින් අපි විදෙස් රටවලට යන විට ඔවුන්ගේ QR කේතය අපි හදාගෙන යන්න ඕනේ එමගින් පෝලින් කිසිදෙයක් නැතුව යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි සෞඛ්‍ය අංශ මගින් සංචාරක අමාත්‍යාංශයට ඉල්ලිමක් කළා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සියලුම මගීන්ට එම QR කේතය එන්න ප්‍රථම, ඔවුන්ට ඒ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවානම් ෆෝන් ඒකට දාගෙන. නැත්නම් එහි ප්‍රින්ට්අවුට් එකක් අරගෙන ආවොත් අපිට ගුවන්තොටුපොළේදී කිසිම රස්තියාදුවීමක් නොමැතිව. විනාඩියකින් දෙකකින් එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ පරික්ෂාවෙන් පසු යන්න පුළුවන්.”

“ඒ අනුව ලංකාවට  පැමිණෙන සියලුම මගීන් ජනවාරි මාසයේ පළමු වෙනිදාට සිට එම QR කේතය ස්මාර්ට් ෆෝන් එකට දාගෙන හෝ ප්‍රින්ට්අවුට් එකක් රැගෙන ඒම අපි ඔවුන්ට අනිවාර්ය කරන්න කියලා ඉල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා අපේ සියලුම මගීන් ඒ සඳහා උදව් කරයි කියලා. කව්රුන් හෝ කෙනෙකුට ඒක කරගන්න බැරි වුණොත් අපි කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔවුන්ට ඒ අදාළ ෆෝම් එක පුරවලා ඒ අදාළ ලියකිවිලි ටික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පෙන්නලා යන්න පුළුවන්. නමුත් එමගින් අනවශ්‍ය පෝලිම් ඇතිවෙනවා. ඒ වාගේම ඒ නිසා මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට අනවශ්‍ය වේලාවක් ගුවන්තොටුපොළේ රැඳීසිටින්න වෙනවා. ඒ නිසා ඒ සියලු දේ ගැන හිතලා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ.  ඒ නිසා සියලු දෙනාගෙම උදව් මේ සඳහා ලැබෙයි කියලා හිතනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
68
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48