දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (08) ඕස්ට්‍රේලියානු මහකොමසාරි මැතිව් ඩක්වර්ත් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම සාකච්ඡා පවත්වනු ලැබුවා.
එහි දී දෙපාර්ශ්වය අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අතර, එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩාවැටීම, යටිතල පහසුකම් රැසක් විනාශවීම සිදු වූ බවයි පැවසුවේ.
ඒ, අනුව යටිතල පහසුකම් නැවත ස්ථාපිත කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහයෝගය ලබාදෙන ලෙසයි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ.
මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ලබාදුන් ආධාර සහ සහන සේවා වෙනුවෙන් ද සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය ඔස්ට්‍රේලියානු රජය සහ ජනතාව වෙත පිරිනමන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.





