ලංකාවට උදව් ගන්න විපක්ෂ නායක සජිත් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමුවෙයි (වීඩියෝ)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (08) ඕස්ට්‍රේලියානු මහකොමසාරි මැතිව් ඩක්වර්ත් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම සාකච්ඡා පවත්වනු ලැබුවා.

එහි දී දෙපාර්ශ්වය අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අතර, එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සුළි කුණාටුව සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩාවැටීම, යටිතල පහසුකම් රැසක් විනාශවීම සිදු වූ බවයි පැවසුවේ.

ඒ, අනුව යටිතල පහසුකම් නැවත ස්ථාපිත කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහයෝගය ලබාදෙන ලෙසයි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ලබාදුන් ආධාර සහ සහන සේවා වෙනුවෙන් ද සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය ඔස්ට්‍රේලියානු රජය සහ ජනතාව වෙත පිරිනමන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11