ලංකාවට ඇවිත් කසිප්පු පෙරූ චීන ජාතිකයින් 2 දෙදෙනා

කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 04 නියෝගයක් කලා. ඒ නීති විරෝධී කසිප්පු පෙරූ වරද පිළිගත් චීන ජාතිකයන් දෙදෙනෙකුට එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ අසූදහස බැගින් දඩ මුදල් ගෙවන ලෙස නියෝග කිරිමයි.

නීති විරෝධී මත්පැන් (කසිප්පු) පෙරූ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇප මත මුදා හැර තිබූණා. නමුත් අද ඔවුන් එම වරද පිළිගැනීම නිසා ඔවුන් දෙදෙනාට මෙලෙස දඩ නියම කරනු ලැබුවා. කසිප්පු සකස් කිරීමට ගන්නා ගෝඩා ලීටර් 880ක් සහ මත්පැන් නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා උපකරණ තොගයක් කොල්ලුපිටියේ පිහිටි ගොඩනැගිල්ලක තිබි අත්අඩංගුවට ගත්තේ කොල්ලුපිටිය පොලිසිය විසින්. මෙලෙස දඩ මුදල් ගෙවන ලෙස නියම කෙරුනේ චීන ජාතික වෙයිසුන්ග්, වින්ග්සෑන් යන අයටයි.