රෝහල් අපද්‍රව්‍ය වැව් ඉස්මත්තට බැහැර කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

මහජන සෞඛ්‍යයට පීඩාවක් හා තර්ජනයක් වන අයුරින් එන්නත් කුප්පි වැව් ඉස්මත්තට ගෙන දැමූ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා විසින් කැකිරාව – තෙළඹියගම වැව් ඉස්මත්තට අදාළ එන්නත් කුප්පි 5000ක් පමණ අඩංගු පොලිතීන් ඇසුරුම් ගෙනැවිත් දමා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පැමිණ අදාළ එන්නත් කුප්පි තොගය සහ ඒවා බහා තිබූ පොලිතීන් උර ද රැගෙන ගොස් විමර්ශන ආරම්භ කර තිබුණේ මෙවන් පසුබිමක් මතයි.

පැය දෙකක් වැනි කාලයක් තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුවයි මෙම සැකකාර ව්‍යාපාරිකයා ව අත්අඩංගුවට ගැනුණේ.

මීට මාස කිහිපයකට ඉහත දී ද එම ස්ථානයට මෙලෙස ම බැහැර කර තිබූ තවත් එන්නත් කුප්පි තොගයක් ද ඒ දිනවල කැකිරාව පොලිස් ස්ථානය භාරයට ගෙන එම සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා මාස ගණනක් පුරා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබිය දීයි; යළිත් එම ස්ථානයට ම පෙර පරිදි මෙම එන්නත් කුප්පි තොගය බැහැර කර තිබෙන්නේ.

මෙවර එම ස්ථානයේ බැහැර කර තිබූ එන්නත් කුප්පි තොගය සම්බන්ධයෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලිආරච්චි ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

බොහෝ එන්නත් කුප්පිවල රාජ්‍ය ලාංඡනය ද තිබී ඇති බවත්, ඒවා ඉවත් කිරීමට ද සැකකරුවන් උත්සාහ දරා ඇති බවත්, ඇතැම් එන්නත් කුප්පි එම ස්ථානයේ ම පිළිස්සීමට ද උත්සාහ කර ඇති බවත් හෙළි ව තිබෙනවා.

සිදුකළ මූලික ක්ෂේත්‍ර විමර්ශනයෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව එම එන්නත් කුප්පි තොගය ශල්‍යාගාර පහසුකම් සහිත රජයේ රෝහලකින් බැහැර කරන ඒවා බවට හෙළි ව තිබෙනවා.

කලාවැව විජිතපුර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයකින් බැහැර කරන එන්නත් කුප්පි බවටයි හෙළි ව ඇත්තේ.

අදාළ ව්‍යාපාරිකයාගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වල දී විමර්ශන නිලධාරීන්ට අනාවරණය කර ගැනීමට හැකි වූයේ මෙම එන්නත් කුප්පි තොගය අනුරාධපුර ශික්ෂණ රෝහලේ භාවිතයෙන් පසුව බැහැර කරන ඒවා බවයි.

ඒවා තමන් ශික්ෂණ රෝහලට මුදල් ගෙවීමෙන් අනතුරුව මිලදී ගන්නා බවත්, ඉන් පසුව සිය දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයට පැමිණ එම එන්නත් කුප්පි පොල්තෙල් අඩංගු බහාලුමක යොදා ඒවායේ අලවා ඇති රාජ්‍ය ලාංඡනය සහිත කුප්පි පෙඟීමට සලස්වන බවත් හෙළි ව තිබෙනවා.

පසුව ඒවා තද අව්වේ වේළා එම කුප්පිවල ඇලවූ කොළ කැබැල්ල ගලවා ඒවාට දේශීය ඖෂධ පුරවා වෙළෙඳපොළට නිකුත් කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

මහජන සෞඛ්‍යයට පීඩාවක් වන අයුරින් කටයුතු කර ඇති එම සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දැනුම්දෙන දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමේ කොන්දේසිය මත රුපියල් 50,000ක ඇප බැදුම්කරයක් මත මුදා හැරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

WhatsApp Image 2023 10 17 at 12.07.27 1
WhatsApp Image 2023 10 17 at 12.07.27
WhatsApp Image 2023 10 17 at 12.07.26 2
WhatsApp Image 2023 10 17 at 12.07.26 1
WhatsApp Image 2023 10 17 at 12.07.25
WhatsApp Image 2023 10 17 at 12.07.24 1
WhatsApp Image 2023 10 17 at 12.07.24
WhatsApp Image 2023 10 17 at 12.07.21
WhatsApp Image 2023 10 17 at 12.07.20 1
WhatsApp Image 2023 10 17 at 12.07.18
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?