Empty Ad
AFC Banner
Empty Ad

රෝහලට රැගෙන ආ බන්ධනාගාර රැදවියන් දෙදෙනෙක් පළා ගිහින්

අඟුණුකුලපෑලෑස්ස බන්ධනාගාරයේ සිටි රැදවියන් දෙදෙනකු ප්‍රතිකාර සදහා අඟුණුකුලපෑලෑස්ස රෝහලට රැගෙන ගොස් සිටිය දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබෙනවා.

එලෙස පළාගිය රැදවියන් දෙදෙනා තණමල්විල, සර්වෝදය ප්‍රදේශයේ වාඩියක සිටින බවට ලස තොරතුරක් මත සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 සහ 32 යන වයස්වල පසුවන්නන් වන අතර, මංකොල්ලකෑම්,බෝම්බ ළඟ තබාගැනීම ඇතුළුඅපරාධ රැසක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූ දෙදෙනෙක්.

සැකකාර රැදවියන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?