රෝසි විපක්ෂයට දෙහි කපයි

රටේ ආණ්ඩුව රටටත් ජනතාවටත් අත්කර දී ඇති ඉරණමට විසඳුම් සොයනවා වෙනුවට විපක්ෂය සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බව රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

කොළඹ මහනගර සභාවේ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළාය.

ඇය පෙන්වා දෙන්නේ රටේ විපක්ෂය මේ මොහොතේ මෙම තීරණාත්මක ජාතික ගැටළුව වෙනුවෙන් මැදිහත්වීම පිළිබඳ කතා කිරීමට තමාට අයිතියක් ඇති බවය.

නමුත් විපක්ෂය එම කාර්යභාරය ඉටුකරනු වෙනුවට අද සිදුකරමින් සිටින්නේ තවදුරටත් තම දේශපාලන කඳවුරු තුළටම සිරවෙමින් කටයුතු කිරීම පමණක් බවද ඇය සඳහන් කරයි.

රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකම මහා පවුලකින් වෙන්ව ගිය සොයුර සොයුරියන්ගෙන් සමන්විත තනි දේශපාලන බලවේගයක් බවය.

අවස්ථාවාදී සහ අදූරදර්ශි දේශපාලකයින් විසින් රටේ වර්තමානය පමණක් නොව නුපන් පරපුර පවා ඛේදනීය ඉරණමකට ඇද දමා ඇති අවස්ථාවක විපක්ෂයක් ලෙස තමන්ට පැවරී ඇති අත්නොහැරිය හැකි සහ පැහැර හැරිය නොහැකි වගකීම වෙනුවෙන් මේ මොහොතේ කැපවිය යුතු බවද ඇය සඳහන් කරයි.

ප්‍රශ්න හමුවේ පොදු සම්මුතික වැඩපිළිවෙලක් වෙනුවෙන් සියලුදෙනා එකට එක්ව විශ්වාසයෙන් අත්වැල් බැඳගනිමින් රටත් ජනතාවත් වෙනුවෙන් ශක්තිමත් ප්‍රවේශයක් සමගින් ඉදිරියට යනවාද? නැතිනම් බියෙන් මුළුගැන්වී තැන් තැන්වලට වී වගකීමෙන් පළා යනවාද? යන්න විපක්ෂයේ සියලු දෙනා දැන්වත් තීරණය කළ යුතු බවද ඇය සිය නිවේදනයෙන් විමසා තිබේ.

ගිලිහී යන බලය රැකගැනීම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව මේ වනවිට සුපුරුදු දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටින බව රහසක් නොවන බවද රෝසි සේනානායක මහත්මිය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

RS 01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?