රෝයල් පාර්ක් මිනීමැරුමේ ඝාතකයා ගැන අධිකරණයට දැනුම්දීමක්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වන විට රටින් පලා ගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වන විට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

කාන්තා මාධ්‍ය එකමුතුව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සමාව ප්‍රදානය කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව අදාළ සමාව බල රහිත කරන බවත් නියෝග කර තිබුණා.

ඉන් අනතුරුව මෙම විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කර තිබුණා.

ඒ අනුව මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මෙම විත්තිකරු රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ඊට අමතරව එම විත්තිකරුගේ බැංකු ගිණුම්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම කරුණු පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දැනුම් දී තිබෙන බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?