AFC Banner
AFC Banner
Empty Ad

රෝයල් පාර්ක් නඩුවේ විත්තිකරුට ජනපති සමාවදීමට එරෙහි ගොනු කළ පෙත්සම් විභාගය අවසන්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැති විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ප්‍රදානය කර තිබෙන සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

එස්. තුරෛරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ වාචික දේශන ඉදිරිපත් කිරිම අද (24) අවසන් කෙරුණා.

ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේ නම් ඒවා අගෝස්තු මස 25 වැනිදාට පෙර ගොනු කරන ලෙස සියලු පාර්ශ්ව වලට නියෝග කළ අධිකරණය, අනතුරුව තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේ දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

ඒ, තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අදාළ විත්තිකරුට ප්‍රදානය කර තිබෙන සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?