රොෂාන් රණසිංහට එරෙහිව තිබූ පෙත්සමක් ඉල්ලා අස්කර ගැනේ

අධිකරණයට අපහාස කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

නීතිඥ දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පියට්‍රංගේලි විසින් ගොනු කරන ලද මෙම පෙත්සම මගින් 2023 නොවැම්බර් 8 වැනි දා පාර්ලිමේන්තු සැසි වාරයක දී රොෂාන් රණසිංහගේ අසෝබන හැසිරීම අභියෝගයට ලක්කර තිබූ බවයි පැවසෙන්නේ.

නඩු විභාගය අතරතුර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා එම අයදුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලීමක් කළ අතර, එය වියදමකින් තොරව පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට හේතු වුණා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙත්සම්කරුට සහාය පළ කර තිබූ අතර, මහාචාර්ය ජී.එල්., පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙත්සමට විරුද්ධ වූ බවයි පැවසෙන්නේ.

පළමු වගඋත්තරකාර රොෂාන් රණසිංහ සහ මැදිහත් වූ පෙත්සම්කරුවන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු අධිකරණ බලය නොමැතිකම සහ යුක්තිසහගත නොවීම යන කරුණු මත පෙත්සම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කර තිබුණා.

මෙම තත්ත්වය හමුවේ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ දී, පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගත්තා.

පෙත්සම්කරු වෙනුවෙන් සුසී බෙලිං සමඟ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනී සිටියා.

ජනාධිපති නීතිඥ උදිත එගලහේවා සමඟ ජනාධිපති නීතිඥ කනග්-ඊස්වරන් සහ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ෂෙනාල් ප්‍රනාන්දු පෙනී සිටි අතර, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනකු වෙනුවෙන් එන්.කේ. අශෝක්භාරන් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?